Wednesday, February 12, 2014


ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගයට බලපාන කාරණාවන් බොහොමයක් තිබිය හැකියි. නමුත් එයින් ප්‍රධාන එකක් ලෙස අපගේ අන්තර්ජාල සේවාව භාවිතා කරන DNS (Domain Name System) Servers වල වේගය හැඳින්විය හැකියි.
සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google, OpenDNS වැනි DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි.

මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත්.
DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මෙනින් මෙවුන්ලෝඩ් ගන්න.

 
 ඩවුන්ලෝඩ් වුණ zip ගොණුව extract කරගන්න. අනතුරුව එහි ඇති DnsJumper.exe ගොණුව ඩබල් ක්ලික් කළ විට පහත පින්තූරයේ පරුදි මෙම මෘදුකාංගය විවෘත වේවි.
එහි Choose DNS Server ලෙස සඳහන් drop down මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස් වනවා. එයින් කැමති එකක් තෝරාගෙන Apply DNS බට්න් එක එබීම මගින් එම DNS සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.
dnsjumper2
නමුත් එම ලයිස්තුවේ ඇති සෑම DNS සේවවක්ම වේගවත් නැහැ. එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා එය ඔබගේ DNS සර්වරය බවට පත් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. ඒ සඳහා Fastest DNS බට්න් එක ඔබන්න. ඔබට ලැබුණ වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.
dnsjumper3
එවිට සියලු ප්‍රධාන DNS සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම DNS සේවාව පෙන්වනවා. Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.

0 comments :

Post a Comment