Wednesday, February 12, 2014

ෆෝල්ඩර් ලොක් නම කියපු සැනින් මොකද්ද මේ බාන්ඩේ කියලා දන්නවා නේ .ඕනේ ප්‍රයිවට් එකක් ෆෝල්ඩර් එකකට දාලා හංගන්න කියාපු බාන්ඩේ Folder lock කියන්නේ.

අද දෙන්න යන්නේ Folder lck අලුත්ම අලුත්ම අලුත් 7.1.8

ඔයාලට මේක ඕනෙනම් ජීවිතකාලම පාවිච්චි කරන්න පුලුවන් කිසිම අවුලක් නැතුව.කිසිම ක්‍රැක් කිරිල්ලක් නෑ කෙලින්ම ඇක්ටිව් කරගන්න සීරියල් කී එක මම දෙනවා.

අහ් තව දෙයක් මේක ඩවුන්ලෝඩ් කරන කොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි ඒකට මේක දෙන්න .

_________________________
                        
                                                                                                       Download

                                                                                __________  8 MB _________

සමහර අය ෆේස්බුක් ඇවිත් හොරෙන් එක එක අයත් එක්ක චැට් කරනවා නේ.අන්න ඒ අයව අල්ලගන්න පුලුවන් ක්‍රමයක් අද අපි ඔයාලට කියලා දෙනවා.
ෆේස්බුක් Lovers ලාට මේක ගොඩක් වැදගත් ඇප් එකක්.


මුලින්ම පහල ලින්ක් එකෙන් එකට යන්න.

දැන් Ok Click කරන්න.
දැන් ඔයාලාට පහල තියනවා වගේ Online ඉන්න කස්ටිය පෙන්නනවා..
හොදට බැලුවොත් ඔයාට පෙනෙයි අලු පාටට වගේ Button එකක් එයාගේ Profile Picture එකට ඉස්සරහින්. ඒකෙන් කියන්නේ එයා Online ඉන්නවා.ඒත් Chat එක Off කරලා.
කොල පාටින් පෙන්වන්නේ Online ඉන්න කස්ටිය.

File copy වෙන්න වෙලා යනවද? මෙන්න ඒකට නියම software එකක්. මේකට කියන්නේ Tera Copy කියලා. මේකෙන් ඔයාලට ටිකක් වැඩි Copy වෙන Speed එකක් ලැබෙනවා.ඔන්න key එකත් එක්කම තියනවා.ඔයාලත් පාවිච්චි කරලා බලන්නකෝ.

ලොකු ලොකු ෆයිල් එහෙම අවුලක් නැතුව කොපි කර ගන්න එහෙම නියමයි.මොකද හදිසියෙවත් කරන්ට් එක ගියොත් මුල ඉදන් කොපි කරන්න එපැයි.ඒත් මේකෙන් අර කොපි වුන ටිකේ ඉතුරු ටික තමයි ගානට කොපි වෙන්නේ.ඒ නිසා හරිම ප්‍රයෝජන්වත්.



  1.  මුලින්ම ඔයාලා මේක Download කරගෙන Install කරගන්න 
  2. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ key එක Right Click කරලා Copy කරගන්න.
    ____________________________________

    LVUWAASAAAw+rC28xqUEja7DowVzMbZBUkVij+pW5lCOmynWrNYyPxcy87BuKqIu
    D91Cy+K2iYy1579gnRrS/mTFkqoStcSeqEOzvdYWD91v2Iwc82HkjX8T7Vl1Wv5g
    homCnlytx/iNF7lavbtd68jdKCGuRgjdHESsqoSE2Vry9E/hZent6ZKZx3TdFKlq
    vOkydZsyyF0kb2TDmGJSs5KPDYjRcUHqE9fLvSvj6SnwMNhm1qVTdJuWx9/tM4OE
    S9Esp32yr9VMYvUdgXFBVFFtF5XU2O3C2Fu/qAqm9K2U9vfXZhd4Nbeb5u442lZs
    8SMYEkTLa1wqpkhz9jvDxGfsnQrfdYtz50V72uiez0/M1HGqZeRE+7PIt0iBod/U

    pBUAzK7HO6Ig8TGG6xIG33cRM/WXlSLB
    ______________________________________


  3. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ File එක Open කරන්න.

    මෙය ලොකු කර බැලීමට රූපය මත click කරන්න.

    ඔයාලා Copy කරගෙන හිටපු Key එක නිකම්ම Paste වෙලා ඔයාලට ""Complete Register"" කියලා Massage එකක් එයි.

    4. ඊට පස්සේ ඔයාලට copy කරන්න ඕනි File එක උඩ Right Click කරලා Tera Copy එක දෙන්න ඊට පස්සේ ඔයාලට copy / Move ඕනි එක තෝරලා .Copy / Move කරන්න ඕනි තැන Browse කරලා පෙන්න
    මෙය ලොකු කර බැලීමට රූපය මත click කරන්න.
    දැන් බලන්නකෝ ෆයිල් එකක් කොපි කරලා කොහාට හරි.
    මේ වගේ පෙන්නයි.



    වටින කියන ඔබේ අදහස් පහතින් දාන්න පුලුවන්.

අද අපි කියලා දෙන්න යන්නේ Bluetooth වලින් හැක් කරන විදිහ,මේකෙන් පුලුවන් ‍Free msg/sms කරන්න ‍Free Call ගන්න අනිත් එක්කෙනාගේ තියෙන හැම දෙයක්ම ගන්න පුලුවන්.

මේක කෙටියෙන්ම කිව්වොත් මේක Java App එකක් මේ App එක දාන්න පුලුවන් Java Suport කරන දුරකථන වලට විතරයි.

මෙනින් මේ ඇප් එගන්න.

ඔබේ අන්තර්ජාල සබඳතාවයේ වේගයට බලපාන කාරණාවන් බොහොමයක් තිබිය හැකියි. නමුත් එයින් ප්‍රධාන එකක් ලෙස අපගේ අන්තර්ජාල සේවාව භාවිතා කරන DNS (Domain Name System) Servers වල වේගය හැඳින්විය හැකියි.
සාමාන්‍යයෙන් අප භාවිතා කරන්නේ අපගේ අන්තර්ජාල සේවා සපයන්නාගේ DNS සේවායි. නමුත් එය වෙනස් කොට Google, OpenDNS වැනි DNS Servers භාවිතා කිරීමෙන් අත් වන වාසි රැසක් තිබෙනවා. අන්තර්ජාල සබඳතාවයේ වේගය පැහැදිළි ලෙසම වැඩි කර ගත හැකි වීම සහ අවහිර කර ඇති වෙබ් අඩවි වලට පිවිසීමට හැකි වීමද එසේ ලැබෙන වාසි අතර ප්‍රධානයි.

මෙම ලිපියෙන් ඉදිරිපත් කරන මෘදුකාංගය මගින් ඔබගේ පරිගණකයේ DNS ක්ෂණිකව ඔබ කැමති වෙනත් ඕණම DNS සේවාවක් වෙත වෙනස් කර දීමට සමත්.
DNS Jumper මෘදුකාංගය පෝටබල් මෘදුකාංගයක් නිසා ස්ථාපනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

මෙනින් මෙවුන්ලෝඩ් ගන්න.

 
 ඩවුන්ලෝඩ් වුණ zip ගොණුව extract කරගන්න. අනතුරුව එහි ඇති DnsJumper.exe ගොණුව ඩබල් ක්ලික් කළ විට පහත පින්තූරයේ පරුදි මෙම මෘදුකාංගය විවෘත වේවි.
එහි Choose DNS Server ලෙස සඳහන් drop down මෙනුව ක්ලික් කළ විට ඔබට තෝරාගත හැකි DNS සේවා විශාල ප්‍රමාණයක් දිස් වනවා. එයින් කැමති එකක් තෝරාගෙන Apply DNS බට්න් එක එබීම මගින් එම DNS සේවාව ඔබේ පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්.
dnsjumper2
නමුත් එම ලයිස්තුවේ ඇති සෑම DNS සේවවක්ම වේගවත් නැහැ. එම නිසා ඔබ සිටින ස්ථානයට හා අන්තර්ජාල සබඳතාවයට ගැලපෙන පරිදි වේගවත්ම DNS සේවාව තෝරා එය ඔබගේ DNS සර්වරය බවට පත් කර ගැනීම නුවණට හුරු ක්‍රියාවක්. ඒ සඳහා Fastest DNS බට්න් එක ඔබන්න. ඔබට ලැබුණ වින්ඩෝවෙන් Find Fastest DNS බට්න් එක ඔබන්න.
dnsjumper3
එවිට සියලු ප්‍රධාන DNS සේවාවන් පරීක්ෂා කර බලා ඉහත රූපයේ පරිදි වේගවත්ම DNS සේවාව පෙන්වනවා. Apply Fastest DNS බට්න් එක මගින් එය පරිගණකයේ සක්‍රීය කර ගැනීමට පුළුවන්. එම කටයුතු අවසන් වූ පසු මෘදුකාංගය close කළ හැකියි.
wifi ගැන මේ වටිනා වැඩ සටහන ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍යයේ බර්කින්හැම්ෂයර් ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකුගේ අත්දැකීමකි.
ඔහු කියා සිටියේ තම පංතියට වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා දෙන්නට යොදා ගැනෙන රවුටරය ක්‍රියාත්මක කල විට හිසරදය හා ඔක්කාරය ඇති වන බවයි.එම එලි කිරීම ඕස්සේ සිය ගවේෂණාත්මක ප්‍රවෘත්ති කලාව මෙහෙයවූ BBC ය කීවේ වයි-ෆයි සම්බ්ධය ඇති ලැප්ටොප් පරිගණයක් අසල පැතිරෙන සංඥාවල (Signal) බලසම්පන්නකම ජංගම දුරකථන කුළුනක් ළග ඇති සංඥා මෙන් තුන් ගුණයක් බවයි.
මේ ප්‍රවෘත්තිය සමග වයි-ෆයි තාක්ෂණය සෞඛ්‍යයට හොදද - නැද්ද යන්න ගැන සිංවාදය ඉස්මතු වුණේය. බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ (Health Protection Agency) සභාපති ශ්‍රීමත් විලියම් ස්ටුවර්ට් කීවේ වයි-ෆයි ගැන නැවත සලනා බැලීමක් අවශ්‍ය බවයි.
ඒ සමගම බ්‍රිතාන්‍යයේ ජංගම සන්නිවේදනය සම සෞඛ්‍ය පර්යේෂණ ආයතනයේ (MTHR – Mobile Telecommunications and Health Research) සභාපති මහාචාර්ය ලව්රි චැලිස් කීවේ වයි-ෆයි රවුටරයක් අසල තිබෙන සංඥාවල ප්‍රබලතාව රජයේ සම්මත ප්‍රමිතියට වඩා හයසිය ගුනයකින් දුර්වල බවයි. එනිසා වයි-ෆයි වලට බිය විය යුතු නැති බව ඔහුගේ අදහසයි.
අවසන් වශයෙන් බ්‍රිතාන්‍යෙයේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය මේ ගැන තීන්දුවක් දුන්නේය. ඔවුන් කීවේ වයි-ෆයි සංඥා ඇති තැනක යමෙක් අවුරුද්දක් තිස්සේ වාඩි වී සිටින විට සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය සමාන වන්නේ විනාඩි විස්සක ජංගම දුරකථන සංවාදයකදී සිරුරට අතුළුවන කිරණ ප්‍රමාණය බවයි.

කෙසේ වෙතත් මහජනයාගේ සිතෙහි ඇති වූ බිය තුරන් කරන්නට මේ වැයම සමත්ව නැත.
වයි-ෆයි තාක්ෂණයෙන් රැහැන් රහිත ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නන් විඩියෝ ක්‍රීඩා කරන්නන් වැනි බොහෝ දෙනා මේ ගැන කුතුහලයෙන් සිටින්නේ ඒ නිසාය. වයි-ෆයි (Wi-Fi) යනු (Wireless Fidelity) යන සම්පූර්ණ නම කෙටිකර සකසාගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නෙ රැහැන් රහිත ජාලයක් (Wireless Network) හරහා තොරතුරු පතුරුවා හැරීමේ (විකාෂණය කිරීමේ) ප්‍රමිතියයි.

රැහැන් රහිත ජාල හරහා තොරතුරු හුවමාරු වන්නේ සෙලියුලර් දුරකතන, රූපවාහිනී, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරණවල යොදාගන්නාක් මෙන් රේඩියෝ තරංගවලිනි. මෙසේ රේඩියෝ තරංග සම්ප්‍රේශණය සදහා තිබිය යුතු මූලික ඕනෑකම් වන්නේ වයර්ලස් රවුටරයකි.
මෙම රවුටරයේ තිබෙන ඇන්ටනා මගින් පරිගණක දත්ත රේඩියෝ තරංග බවට හරවනු ලබයි මේ සදහා පරිගණකයේ තිබිය යුතු අවශ්‍යතාවය වන්නේ වයි-ෆයි ඇඩැප්ටරයකි. මෙය යූඑස්බී ඇඩැප්ටරයක් නැතිනම් පීසි කාඩ් එකකි.
මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කළ පරිගණකයක් වයි-ෆයි ජාලයක් හරහා ඉන්ටර්නෙට් සමග සම්බන්ධවීමේදී මූලික වශයෙන් සිදුවන ක්‍රියාවලි දෙකකි. පරිගණකයේ ඇති වයර්ලස් ඇඩැප්ටරය මගින් දත්ත රේඩියෝ තරංග බවට හරවා ඇන්ටනාව මගින් ඒවා සම්ප්‍රේශණය කරයි.
රැහැන් රහිත රවුටරය එම දත්ත ලබාගෙන ඒවා පරිගණක දත්ත බවට ආපසු හරවයි. ඉන්පසු ඒවා සාමාන්‍ය රැහැන් ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධකෙරේ.
මෙසේ ඉන්ටර්නෙට් සමග රැහැන්වලින් සම්බන්ධ වූ රවුටරයක තිබෙන කාමරයක් තුල පිහිටුවන්නට පුළුවන. එලිමහනක පිහිටුවන්නටත් පුළුවන්, කොහොම නමුත් මේ රවුටරයෙන් තරංග සම්ප්‍රේශණය කරන හා ලබා ගන්නා බල ප්‍රදේශයක් තිබේ. මේ බල ප්‍රදේශයේ ඇති වයි-ෆයි සම්බන්ධතාවය ලබාගත හැකි තැන් හොස්ට්පොට්ස් (hotspots) නම් වේ. ඒ කියන්නේ ඇඩැප්පරය සහිත ලැප්ටොප් එකක් රැගෙන යන්නෙකු වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගන්නට නම් මෙවැනි වයි-ෆයි හොස්ට්පොට් එකට අතුලු විය යුතුය.
වයි-ෆයි හොට්ස්පොට් එකක් සිසාරා විසිරී පැතිරී තිබෙන රේඩියෝ තරංග ජංගම දුරකථන, වෝකිටෝකි, රූපවාහිනි යන්ත්‍ර යනාදිය හුවමාරු කරන රේඩියෝ තරංග වුවත් මේවායේ සංඛ්‍යාතය ඒ හැමටම වඩා ඉහලය. ඒ නිසා මේවාට වැඩි තොරතුරු ප්‍රමාණයක් හුවමාරු කරගන්නට පුළුවන.

වයි-ෆයි ජාලයකදී දත්ත හුවමාරු කරන්නේ ලෝක මට්මෙන් තාක්ෂනික ප්‍රමිති සාදන ඇමරිකාවේ ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවන්ගේ ආයතනය (IEEE – Institute of Electrical and Electronics Engineering) නියමයන්ට අනුවය. ඔවුන් සැකසූ 802.11 යන ජාල ප්‍රමිතිය (802.11 Networking Standard) මෙහිදී යෙදා ගැනේ.
මෙයින් මුලින්ම ඉදිරිපත් වූයේ 802.11b නම් ප්‍රමිතියයි. ගිගා හර්ට්ස් (GHz) 2.4ක සංඛයාත පරාසයෙන් දත්ත හුවමාරු කරන මෙහි දී තප්පරයකට මෙගාබයිට් 11ක වේගයෙන් තොරතුරු හුවමාරු කරන්නට පුළුවන. 802.11g ලෙස හදුන්වන ප්‍රමිතිය ඊට පසු ආ ප්‍රමිතිය අනුව ද ගිගාහර්ඩ්ස් 2.4ක සංඛ්‍යාත පරාසයේම දත්ත සම්ප්‍රේශණය කලත් එහි වේගය වැඩිය. එය තප්පරයකට මෙගාබයිට් 54කි.
වයි-ෆයි ජාලයක් වැඩ කරන හැටි
01) වයි-ෆයි හොට්ස්පොට් එකක් නිර්මාණය වන සේ ගොඩනැගිලි වල, පහන් කණුවල හා වෙනත් ස්ථානවල ඇන්ටනා සවි කරයි.

02) වයි-ෆයි ජාලයකට යොමු කෙරෙන මූලික ඉන්ටර්නෙට් සම්බන්ධය (Source Internet connection) ඇති ඩෙස්ක්ටොප් පරිගණකය හෝ සර්වර් පරිගණකය ඇන්ටෙනාව සමග රැහැන් රහිතව හෝ සහිතව සම්බන්ධ කෙරේ.
 
03)
දැන් සමහර මොබයිල් ෆෝන්වලටත් පාම්ටොප් පරිගණකවලටත් වයි-ෆයි තාක්ෂණය හදුනා ගැනීමේ මෙවලම් තිබෙන නිසා ඒවා හරහා ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ විය හැක.

04) ලැප්ටොප් පරිගණක ද වයි-ෆයි ලබා ගත හැකි උපාංග (ඇඩැප්ටර්) සමග එන නිසා දැන් ඒවාට ද මේ වයි-ෆයි ජාලයට සම්බන්ධ වෙන්නට පුළුවන.

802.11a
මෙහිදීද මෙගාබයිට් 54ක වේගයෙන් දත්ත හුවමාරු කළ හැකි උවත් එහි සංඛ්‍යාත පරාසය ගිගාහර්ට්ස් 5 කි.
ඉහත රුපසටහන් ලොකු කර බැලීමට රුපය මත click කරන්න.
වයි-ෆයි තාක්ෂණයේ තිබෙන සුවිශේෂත්වය ද මෙතැනදී කිව හැක. එනම් වයි-ෆයි ක්‍රමයෙන් දත්ත සම්ප්‍රේශණය කෙරෙන ගිගාහර්ඩ්ස් 2.4 සහ 5 යන රේඩියෝ තරංග සංඛ්‍යාත පරාසය සදහා බලපත්‍ර ලබාගත යුතු නොවීමයි. මේ නිසා සාමාන්‍ය ගෙදර දොරේ වයි-ෆයි රවුටරයක් පිහිටුවූවත්, ඊටත් වඩා සෙනඟකට සේවය ගන්නට පුළුවන් සේ නගරයක වයි-ෆයි ඇන්ටනා කුළුණක් ඉදි කලත් සංඛ්‍යාත පරාසය වෙනුවෙන් විදුලි සංදේශ ආයතනවලට බදු ගෙවිය යුතු නැත.

වයි-ෆයි තාක්ෂණය යොදා ගෙන ඉන්ටර්නෙට් සම්බන්ධය හෝ වෙනත් ජාල සම්බන්ධතා හෝ ලබා ගන්නා විට මීට අමතර වශයෙන් තියෙන වාසි ද කිහිපයකි.

01) කේබල් යෙදීමේ අවශ්‍යතාවක් නැති නිසා ජාලය ස්ථාපිත කිරීම පහසුය.

02) බොහොමයක් ලැප්ටොප් සමග වයි-ෆයි ඇඩැප්ටර් සවි කොට තිබීම නිසා ඉන්ටර්නෙට් සම්බන්ධය ලබා ගැනීමට යන මූලික වියදමද අඩුය.

03) වයි-ෆයි ජාලයක් ස්ථාපිත කොට පවත්වා ගෙන යාම අනෙක් සන්නිවේදන ජාලයන්ට වඩා ලාභදායකය.

04) මේ වාසිදායක තත්වයන් සහිතව වුවත් වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ යම් යම් සීමාවන්ද තිබේ. එනම්,

05) මේ සදහා යෙදවිය යුතු ශක්තිය ඉහල නිසා ලැප්ටොප් වල බැටරි කාලය අඩුවීම හා එහි රස්නය ඉහල යාම සිදුවේ.

06) වයි-ෆයි ජාලයක් බලපවත්වන්නේ සීමිත දුරකටය. ගෘහස්ත වයි-ෆයි රවුටරයක් නිසා උපදින හොට්ස්පොට් එකක් අඩි 150ක පමණ ප්‍රදේශයක් පුරා බලපවත්වයි. එසේම කුළුණු ආශ්‍රෙයන් පිහිටුවන හොට්ස්පොට් එකක් වුවත් බල පවත්වන්නේ අඩි 300ක පමණ දුරකටය.

07) වයි-ෆයි ජාලයක රහස්‍ය බව අඩුය. කුමන වයි-ෆයි ජාලයක් නොමිලේ ඇති කාටත් පහසුවෙන් සම්බන්ධවිය හැකි සංඛ්‍යාත පරාසයකින් සම්ප්‍රේශණ කටයුත් කරන නිසා යම් ජාපයකට පිටස්තර කෙනෙකු ඇතුළු වී තොරතුරු සොයා බැලීම පහසුය.

මේ තත්වයන් යටතේ වුවත් වයි-ෆයි තාක්ෂණය හොද අතට දියුණු කරන්නට නොයෙක් උපාය ලොකයා විසින් සොයමින් සිටී. නගර වැසියන් අතරනොමිලේ වයර්ලස් ඉන්ටර්නෙට් සම්බන්ධය දීම එවැන්නකි. මෙහිදී මුළු නගරයම ආවරණය වනසේ රවුටර් පද්ධතියක් පිහිටුවයි. සාමාන්‍යයෙන් තිබෙන රවුටරයකට යාබදව ඇති තවත් රවුටරයක් හදුනාගන්නට බැරි වුවත් නාගරික වයි-ෆයි ජාලයකදී එහි ඇති හැම රවුටරයක්ම යාබදව ඇති රවුටර් දෙකක් වත් හදුනාගන්නට පුළුවන්කම තිබේ.

එසේම ඒ හරහා මුළු නගරයේම ඇති රවුටර් සියල්ල එකිනෙකට සමග සම්බන්ධ කෙරේ මෙසේ තැනූ වයි-ෆයි ජාලයකින් (Mesh Network) වැසී ගත් නගරයක ඕනෑම තැනකට යන්නෙකුට කිසි කරදයක් නැතිව සිය ලැප්ටොප් එකෙන් ඉන්ටර්නෙට් සමග සම්බන්ධ වෙන්නට පුළුවන.
ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා, පෙන්සිල්වේනියා, ෆ්ලෝරිඩා,ටෙක්සාස්, නිව් යොක් යන ප්‍රදේශවල මෙවැනි වයි-ෆයි ජාල (Municipal Wi-Fi Network) පිහිටුවා තිබේ. ඉන් ෆ්ලොරිඩාවේ සෙන්ට් ක්ලවුඩ්හි මහජනයාට වයි-ෆයි ඉන්ටර්නෙට් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේය.
මෙසේ වයි-ෆයි ජාලයකින් වැසී ගිය නගරයක ධාවනය වන මොටර් රත එකිනෙකට හදුනාගැනීමට පුළුවන් සේ වයි-ෆයි තාක්ෂණය යොදා ගැනීමේ වැඩසටහනක් දැන් යුරෝපයේ ක්‍රියාත්මකයි. යුරෝපීයන් කාර් ටූ කාර් (European Car – 2 – Car) ලෙස නම් කොට තිබෙන මේ වැඩසටහනට දායකත්වය දෙන්නේ යුරෝපයේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාධන සමාගම් හා විශ්ව විද්‍යාල කීපයකි. මෙහීදී කරන්නේ වාහනවල වයි-ෆයි පද්ධති පිහිටුවා ඒවා අතර සම්බන්ධය ඇති කිරීමටය. එවිට නොපෙනෙන වංගුවකදී වුවත් එක් මෝටර් රථයකට අනෙක හදුනාගන්නට පුළුවන.
වයි-ෆයි තාක්ෂණයෙන් ජනයා හදුනාගැනීමේ ක්‍රමයක් ෆින් ලන්තයේ ඉකාහෝ (Ekahua) සමාගම හදුන්වා දී තිබෙනවා, මෙය වයි-ෆයි ජාලයකින් හදුනාගන්නට පුළුවන් රේඩියෝ ටැග් එකකි. මෙම ටැග් (Battery Powered RFID Tags) වලට ගැලපෙන වැඩසටහනක් දුවන ලැප්ටොප් එකකින් හෝ ටැබ්ලට් පීසී එකකින් ඒවා හදුනා ගන්නට පුළුවන. දියුණු රට වල තිබෙන පරිගණක පද්ධති යොදා ගන්නා රෝහල්වල හෙදියන්ට, මේවා පැලැදී රෝගීන් දැන් සිටන්නේ කොතනදැයි දැන ගැනීම මෙමගින් පහසුය.
මේ විදිහට දියුණු රටවල් බොහොමයක පාසල් හා විශ්ව විද්‍යාල වයි-ෆයි ජාලවලින් පොහොසත්ය. එවැනි තැනක සිසුන් සිටින්නේ කුනම තැන්වල, කුමන ලෙසද කියා හදිසියකදී මෙමගින් ගැන ගත හැක.

කාර් - ටූ කාර් සන්නිවේදන ක්‍රමය


වාහනවල වේගය, ගමන් කරන දිශාව යනාදිය දැන ගැනීමට වාහනයේ වයි-ෆයි පද්ධතියක් පිහිටුවිය හැකිය.
 දැන් මේ වාහනය ඉදිරියේ ඇති තැනක වදින්නට යනවා නම් ඊට කලින් ඒ බාධකය හදුනා ගෙන එලාම් හඩවා ඒ බව රියදුරාට කියයි.වාහන දෙකක් මුණට මූන හමුවෙන්නට කලින් වයි-ෆයි පද්ධති එකිනෙකාට මුණ ගැසී ඉදිරියට වාහනයක් එන  බව කියයි. මෙසේ ලොකු ප්‍රදේශයක මෙය පැතිරි ඇති නිසා වයි - ෆයි ගොඩක් ප්‍රයෝජනයට ගත හැක.
 
ලිපිය දිග වැඩිවීම ගැන කණගාටු වන නමුත් සියල්ල කියවීමෙන් ඔබට ලොකු දැනුමක් ලබා ගත හැක.
AL කරන අයට ඔන්න සිලබස් එක cover වෙන්නැ කියලා නිකන් ඉන්න ඕනේ නැ.ඔයාලට පුළුවන් මේ AL  syllabus  එක  අධ්‍යයනය කරලා Exam එකට හොදින් මුහුණ දෙන්න.
අලුත්.com අපි ඔයාලට දෙනවා පරිගණකයෙන් | pdf Read කරන්න පුළුවන් ජංගම දුරකතනයෙන් | IPOD | IPAD වගේ ඕනෙම Device  එකකින් මේ පොත් ඩවුන්ලෝඩ් කරලා බලන්න පුළුවන් :)

පරිගණකයේ Adobe Reader නැත්නම් මුලින්ම එක මෙතනින් ගන්න.
 

12 වසරේ ගුරු අත්පොත්..


Grade 12, 13 - Syllabuses in Sinhala
Grade 12, 13 - Teacher's Instructional Manuals in Sinhala
Sinhala Grade 12, 13 - Other Teacher Materials in